Monday, 31 October 2016

අලුත් තාත්තා!


















කාලය හිමිහිට ගෙවිලා ගියා. ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා තිබු අම්මට, සීයා තාත්තා සිය යහලුවෙකුගේ මාර්ගයෙන් රැකියාවක් සොයා දුන්නේ මේ අතර. අම්මා වැඩි කතාවක් නොකලත්, ඇගේ දුක තරමක් තුනීව ගිය බවක් පෙනුනා.

කවුරු හිටියත් උදේට නම්  මාව පාසැලට බැස්සවූයේ ඇයයි. "හා හා අම්මට පරක්කු වෙනවා"උදේම ඇය මාව අවදි කරනවා. 

මූන හෝදගත්තු  මගේ, කොන්ඩය ඇය තදින් පීරනවා."ඌයි" ඊලඟට බටර් තවරපු පාන් පෙත්තකින් බාගයක් විතර මගේ මුව තුල ඔබනවා. "අම්මාග් මේග් ගාග්" කෑල්ල ලොකුයි කීමට මම අසීරු තැතක් ගන්නවා. "මල්ලිකා බේබිගේ සපත්තු හවසට හොදලා දාන්න. හරියට කිලුටු වෙලා" මේ හැම වෙලාවකම අම්මා මට එක එල්ලේ කතා කරන්නේ නැහැ.

පාට බෝඩරයකින් යුතු චාම් සාරියකින් සැරසුනු අම්මා කොන්ඩය කරලක් වෙන්න ගොතලා, පඩිපෙල බැහගෙන එනවා. එක අතකින් කලු පැහැ බෑගයක් එල්ලගෙන. අඩි උස් නොවූවත්, ඇගේ පාවහන් 'ටක් ටක්" හඬක් නැගුවා. ඈ වෙතින් කුමක්දෝ මල් සුවඳක් හැමුවා. මගේ අම්මා හරිම සුන්දර කෙනෙක්. 

ආපහු එනකොට සීයා තාත්තා හරි චමත් අයියා හරි මාව ගෙදර ගෙනාවා. ඒ දෙන්නම මට මගදි කෑමට මොනවා හරිම අරන් දුන්නා. වැඩියම සල්ලි නැති චමත් අයියත් අඩුම ගානේ යෝගට් එකක් හරි අරගෙන දුන්නා.

මේ දවස්වලම තමා සීයා තාත්තත්, ආච්චි අම්මාත් කසු කුසු ගානවා ඇහුනේ. අම්මාගේ මුන තිබ්බේ නරක්වෙලා. 

"මට බෑ ඕවා ගැන හිතන්න" අම්මා කියනවා ඇහුනා. "මම ලමයවත් බලාගෙන මෙහෙම ඉන්නම්" "ඔහොම හැමදාම ඉඳලා කොහොමද? අපි නැතිකාලෙක මොනවද කරන්නේ" ආච්චි අම්මාගේ කටහඬ වෙනදාට වඩා ඇහුනේ හය්යෙන්. "ඇයි මේ මම ඉන්නේ" කියලා මම ඇහුවේ නෑ. සීයා තාත්තා අම්මාගේ ඔලුව අත ගෑවා. අම්මා එයා දිහා බැලුවේ "ඇයි මාව ආය පාරක් අමාරුවේ දාන්න හදන්නේ" වගේ. සීයා තාත්තා නැමිලා අම්මාගේ ඔලුව ඉම්බා. අම්මාගේ ඇහැ කොනක කඳුලක් මම දැක්කා. ආච්චි අම්මා දවස් ගානක් තිස්සේ කරගන්න හදපු දේ සීයා තාත්තාගේ එක හාදුවකට හැකිවුනා.

ඊලඟ සති අන්තය වෙන්න කලින් අපේ ගෙදර පුංචි පහේ මගුල් ගෙදරකට ලෑස්ති වුනා වගේ. ආච්චි අම්මා කුස්සියෙමයි. මල්ලිකා කට්ලට් බදිනවා. අච්චාරු හදනවා. මාලු ඇඹුල් තියල් දානවා. අම්මාත් කේක් එකක් හැදුවා.

එදා ආච්චි අම්මා මගේ ආසම රෝස පාට ගවුම මට ඇන්දුවා. කොන්ඩේ ගොතලා, රෝස පාට පීත්ත පටියක් ගැට ගැහුවා. "කතා කරන කල් කාමරේ ඉන්න" එයා මට කීවා.

පහලින් සද්ද ගොඩක් ඇහුනා. කාර් එකක් එන සද්දේ, අමුත්තන්ගේ ඉංග්‍රීසියෙන් කෙරුනු කතා බහ, තේ කෝප්ප ගැටෙන හඬ. ඊලඟට අම්මා මාව ඇවිත් එක්ක ගියා.

ඒ දවස මට අද වගේ තාම මතකයි. 

සාලේ කවුලුවක් දෙසින් එලිය බලාගෙන හිටියේ උස් පුද්ගලයෙක්. මගේ තාත්තා තරම්ම ඇති. ඒත් මෙයා ඒ වගේ සුදු නැහැ. කලුයි. "මේ අංකල් එක්ක කතා කරන්න" මගේ කනට කොඳුරපු අම්මා එතනින් ඉවත් වෙලා කුස්සිය පැත්තට ගියා. අමුත්තා ටික වෙලාවක් යනකල් මා දිහා බැලුවේ නෑ.

ඔහු මා දෙස හැරුනේ කලබලයක් නැතුව. ඔහු අදටත් නිශ්ශබ්ද කෙනෙක් වගේම කිසිම දේකට කලබල නොවෙන කෙනෙක්. ඔහු මා දිහා එක එල්ලේ බලාගෙන හිටියා. මගෙන් ඔහුට ලකුණක් වැටුනේ ඒ මොහොතේ. "ඉඳගන්න" ඔහු මට කියා, ලඟ වූ පුටුවක හිඳ ගත්තා. මම ඉඳගත්තේවත්, ඔහු බලකලේවත්  නෑ. තවත් ලකුණක් ඔහුට එකතු වුනා. "මම..." ඔහු මට ඔහුගේ නම කීවා. හරියට වැඩිහිටියෙකුට කතා කරනවා වගේ.

ඔන්න තවත් ලකුණක්. 

"ඔයාගේ නම මොකක්ද?" මම ඔහුට මගේ නම කීවා. "ෂා හරි ලස්සන නමක්" වගේ දේවල් ඔහු කියන්න ගියේ නෑ. ඒ වෙනුවට ඔහු ඇහුවේ "අර ඔයාගේ තාත්තද?" කියලා. තාත්තාගේ ෆොටෝ එකක් සාලයේ කබඩ් එකක් උඩ තියෙලා තිබුණා. එයා අපි දෙන්නා දිහා බලා හිටියා. "ඔව්" මම පිලිතුරු දුන්නේ ඔහු දිහා බලාගෙනම. "ඔයාට එයා මතකද?" "ඔව්" මම ආයෙම ඔලුව හෙල්ලුවා.

"ඔයාගේ අම්මා හොඳ කෙනෙක්. ඔයා කැමති නම් මම ලෑස්තියි එයාව කසාද බඳින්න" "මම කැමති නම්?" ඔහු ලකුණු ඔක්කොම ඒ කියමනෙන් එකතු කරගත්තා.

ඒත් ඒ වුනාට ඔහු එන හැම දවසකම මම ලෙඩ වුනා එක්කෝ උණ නැත්නම් බඩේ අමාරුව. ආච්චි අම්මා මාව බලාගන්න පොරොන්දුව පිට අම්මලා එලියට ගියා. සමහර වෙලාවට ඔවුන් මාවත් එක්කගෙන ගියා. ඔවුන් දෙදෙනාගේ අත් අල්ලන් ඉන්න වෙලාවට මට සතුටක් වගේම තාත්තා මතක්වෙලා පොඩි දුකකුත් දැනුනා.

අම්මා ටික ටික වෙනස් වුනා. ඒ දෙන්නා එනකොට අම්මාගේ කම්මුල් රතුවෙලා. එයා හොරැහින් ඔහු දිහා බැලුවා. ඔහුගේ මුව අග හීන් හිනාවක් පෙනුණා. අම්මා ලස්සනට අඳින්න පටන් ගත්තා. මේක්-අප් යාන්තමට දැම්මා. අම්මා ගොඩක් ලස්සනට පෙනුණා.

හොඳට ඉර එළිය වැටුනු, ලස්සනට මල් පිපිලා තිබුණු, කුරුල්ලෝ ගී කියපු එක් දවසක, ලඟම නෑයින් කීප දෙනෙකුට විතරක් කියලා ඒ දෙන්නාගේ මංගල්ලේ ඉතා චාමෙට අපේ ගෙදරදි සිද්ධ වුනා. අලුත් තාත්තාගේ කලින් බිරිඳ මිය ගිහින්. ඒ විවාහෙන් ඔහුට මගේ අවුරුද්දෙම ඉපදුණු, මට වඩා මාස ගනනාවකට බාල දියණියක් හිටියා. ඇය දකින්න කලින්ම මම තීරණය කරගෙන් හිටියේ එයාට වෛර කරන්න. අලුත් තාත්තාගේ පැත්තකින් ඇඟිල්ලක් කටේ දාගෙන හිටපු ඒ අහිංසක ගෑනු ලමයා මා දිහා බලපු මොහොතේ ඉඳන් මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා.

ඒ තමා ටානියා.


65 comments:

  1. හිතන දේවල් වෙන්නෑ නේද?? දැං මේවට වග කියන්න ඕන අපිද නැත්තං සීයා තාත්තද?? හැක්.. එළ

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ කර්මේ නේ?

      Delete
  2. එක හුස්මට කියවගන යන්ඩ නං පුලුවං අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. කියවන්න පුලුවන් නම් එච්චරයි :)

      Delete
  3. එකදාස් නමසිය හැත්තැ ගනංවල චිත්තරපටියක් වගේ මට මැවෙන්නේ. කතාව නියම ගානට දිග. තිලකසිත ප්‍රමාණය. මේ කතාව අයිති මට තවම ස්පර්ශ නොවන සමාජ පංතියකට. හැබැයි ඒ සමාජ පංතිය අපි ටෙලිනාට්‍ය වල දකිනවා. දැං ඒ සමාජය ඇත්ත කියලා ඔබ තහවුරු කරලා. ඉස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ටෙලි නාට්‍යවල මේ වගේ කතා තියෙනවද? මගේ කතාව ගොඩක් සංකීර්ණයි. මේ අලුත් ජීවිතේ පටන් ගත්තා විතරනේ.

      Delete
  4. Life isn't all bad, is it?
    Optimism has its place in life at least as much as pessimism does.

    ReplyDelete
    Replies
    1. Yep. Life's not so bad after all. There are not only poison but also antidotes:)

      Delete
    2. the sweet is never as sweet without the sour:)

      Delete
  5. ඕහ් එහෙනම් එයයි මේ ටානියා! සත්‍යය ප්‍රබන්ධයට වඩා පුදුමාකාරයි නේද?

    ReplyDelete
  6. පරන තාත්තාට මොකද උනෙ කියලා ඔයා ලිව්වෙ නැද්ද ලිව්ව එක මට මිස් වෙලාද???

    ReplyDelete
    Replies
    1. ඔයාට මිස් වෙලා මැලේ. එයා නැතිවුනා මම පොඩි කාලෙදිම.

      Delete
  7. අපේ පවුල් වලට සම්බන්ධ එක පවුලක් තියෙනවා අලුත් තාත්තෙක් ලැබිච්ච. ඒ ඇතිමලේ බාප්පා ගේ දුවලා තුන්දෙනාට. ( http://helmalu.blogspot.com.au/2015/04/blog-post_12.html)
    ඒ අලුත් තාත්තට පුතෙක් හිටියා. අපේ පුංචි අම්මාගේ දුවලා අලුත් තාත්තට කැමතිවුනේම නෑ අන්තිමට ඒ දීගේටික කලකින් කැඩිලා ගියා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ලමයින්ට හරියට තේරුම්ගන්න බෑ කියලා. එයාලාගේ වැඩවලට ඇඟිලි නොගහා ඉන්නවා නම් හරි. අපේ අලුත් තාත්තා වගේ.

      Delete
  8. පව් මෙඩූසා , පුන්චි හිතක මොන තරම් දේවල් තියෙන්න ඇද්ද කියා ගන්න බැරි....

    එක පාරක් ටෙලි ඩ්‍රාමා එකක් ගියා හරිම ආදරෙන් හිටිය පවුලක , අම්මයි , තාත්තයි , දුවල දෙන්නයි. තාත්ත නැතිවුනාම දුවල දෙන්න තමා අම්මගෙ තනියට කෙනෙක් හෙව්වෙ. ඒ දවස්වල මේ වගේ දේවල් ගැන වැඩිය වැටහීමක් නැති නිසා කතාවෙ අවසානයවත් මතක නැහැ.


    දෙවනි විවාහය කියන්නෙ හරිම සංකීර්ණ වගේම මානුෂීය ප්‍රශ්නයක්. ගොඩක්ම අසරන වෙන්නෙ අහිංසක දරුවො .

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන් හරියට බලා ගන්නවානම් එහෙම දෙයක් වෙන්නේ නැතිවෙයි ටානියා. අනෙක මට ටානියා කෙනෙක් ලැබුණානේ. ඒකම ඇති පවුල් දෙක හයිවෙන්න.:)

      Delete
  9. එකදාස් නමසිය හැත්තැ ගනංවල චිත්තරපටියක් වගේ මට මැවෙන්නේ. කතාව නියම ගානට දිග. තිලකසිත ප්‍රමාණය. මේ කතාව අයිති මට තවම ස්පර්ශ නොවන සමාජ පංතියකට. හැබැයි ඒ සමාජ පංතිය අපි ටෙලිනාට්‍ය වල දකිනවා. දැං ඒ සමාජය ඇත්ත කියලා ඔබ තහවුරු කරලා. ඉස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අයියා දෙවෙනි පාරටත් දාලා:) ඔයාගේ මේ කතාව ඇත්ත වෙන්න ඇති.

      //මේ කතාව අයිති මට තවම ස්පර්ශ නොවන සමාජ පංතියකට//
      //දැං ඒ සමාජය ඇත්ත කියලා ඔබ තහවුරු කරලා//

      සමහර දේවල් කියවනකොට එහෙම දේවල් අපේ රටේ වෙනවද කියලා හිතාගන්න අමාරුකමක් මට තියෙනවා. විශේෂයෙන් කතාබහ සහ අනෙකුත් දේවල්.

      Delete
    2. කෝ මේ කම්මලේ... බොලාට පුලුවංද මේ වගේ දුරින් එකම කොමෙන්ට් එක දෙපාරක් දාන්න?

      Delete
    3. සුරං, උඹේ කොමෙන්ට් දෙක අතර පරතරේ පැය 1 හමාරක් විතර. කම්මලය සමහර වෙලාවට දවසකට පස්සෙත් දෙවෙනි කොමෙන්ට් එක දැම්ම.

      Delete
    4. පැයක් පරතරේ මොකක්ද බං, මට හැදිල තිබ්බ ලෙඩේ හැටියට.

      Delete
    5. ඒ ලෙඩේ දැන් හොඳ වෙලාද? :P

      Delete
  10. මේ මෙඩුසාගේ ඇත්තම ජීවිත කථාවද. නැත්නම්.....

    ReplyDelete
    Replies
    1. මෙඩුසාගේ ඇත්තම ඇත්ත කතාව කුරහන් මල්. :)

      Delete
    2. ඔයා ලස්සනට මේක ලියනවා. ඒ ගැන සතුටුයි.

      Delete
    3. ඔයාට ගොඩක් ස්තූතියි කුරහන් මල් :)

      Delete
  11. එහෙනම් අර ටානියයි මේ ..

    ReplyDelete
    Replies
    1. එයා තමා. මගේ හොඳම යෙහෙළිය. :D

      Delete
  12. තමන්ට ඇති අවධානය අඩුවෙන එක හින්දා තමයි ලමයි මෙවගෙ අවස්තාවල ලෙඩවෙන්නෙ. ඔයාට හම්බ උන අළුත් නෑයො නරක නෑ වගේ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක්වත් නෑ. ටානියාගේ සීයයි, ආච්චියිත් මට ආදරෙයි. අලුත් තාත්තත් හොඳයි. ඔක්කොටම වඩා ටානියා හම්බ වුනු එක. එයා හම්බවෙනකල් මම හිටියේ ලොකු පාලුවකින්.

      Delete
  13. අදයි මේ පැත්තට ආවේ................ නෙලුම්යායෙනුයි පාර දැක්කේ.... අජිත් අයියාට තමා පිණ..... සින්ඩියටත් දා ගත්තා..... ඒ පැත්තට ගිහින් බලන්න....

    http://kurutugegeepawra1.blogspot.com/

    බ්ලොගය අගෙයි.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුරුටු :)

      Delete
  14. නියමෙට ලියලා තියෙනවා...සුබ පතනවා ඉදිරි කොටස් වලට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතිල. ඉස්සරහට බලමුනේ?

      Delete
  15. අලුත් තාත්තට ලකුණු ලැබුණු විදිය අගෙයි.. මට උනත් මගෙනුත් ලැබෙන්නේ මේ ලකුණුමයි.

    ReplyDelete
    Replies
    1. පුංචි ලමයි ගොඩක් දේවලට ආසා නැතිබව තේරෙන්නේ පුංචි කාලෙ ඉඳලම :)

      Delete
  16. මෙඩුසා මේ සටහන් ඉතා රසවත්ව ලියනවා. ජීවිතය ගැන ඇත්ත ලියනකොට ඒවා මිහිරට ලියවෙනවා. මොකද ඒ ලියන්නේ තමන් ගැන නිසා. අනිත් එක ඔබේ රචනා විලාශය කියවන්නාව වෙහෙසට පත් කරන්නේ නැහැ. keep it up!!

    ReplyDelete
    Replies
    1. Thanks Aruna. ඒක ඇත්ත. තමන්ගේ කතාව ලියනකොට හිතන්න දෙයක් නෑ. කතාව ඉබේටම ඒ හිතුවලිවලින්ම ලියවෙනවා.

      Delete
  17. ජීවිතේ ඉස්සරහට යන්නම ඕනනේ. වෛරයට කොතනත් ඉඩක් නෑ. ආදරයම තමයි. ටානියා ගැන ලියමුකෝ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ටානියා තමයි මගේ ජීවිතේ ඇත්තටම වෙනස් කලේ. ලියන්නම්. ලියන්න. එයා මම වගේ නෙමේ. හරිම දඟයි. :P

      Delete
  18. මේ නිසාද ඔයා මෙඩුසා කෙනෙක් වුණේ? අම්මෙකුට අම්මෙක් වෙන්න පුළුවන් එකපාරයි. අම්මා වෙනස් වුනොත් පවුලම වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඔව්. අම්මා දැන් වෙනස් වෙලා. හොඳ පැත්තට කියලා හිතෙනවා.

      Delete
  19. කියවන්න කියවන්න ආස හිතෙන ලස්සන ලිවිල්ලක්. දිගටම ලියන්න වාසනාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇනෝට ස්තූතියි. බොරු ඇනෝලත් ඉන්නවද? :D

      Delete
  20. ලකුණු ටික ‍ඔක්කොම දාගන්න අලුත් තාත්ත කලින්ම ලෑස්ති වෙලා වගෙයි. හැබැයි ඒ ලකුණු දිගටම තියාගෙන ඉන්න පුලුවන් ඇත්තටම හොඳ කෙනෙකුට විතරයි.

    ReplyDelete
    Replies
    1. තාම නම් ලකුණු තියාගෙන ඉන්නවා. පස්සේ මොනවා වෙයිද දන්නේ නෑ.

      Delete
  21. අද නෙ මේක හරියට ඇහැ ගැටුනෙ... දිගටම කියවන්න දා ගත්තා ඔන්න.අපරාදෙ පහුගිය ටික මිස් උනේ.. එව්වත් එක්කම ඇදල එන්නම්කො..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. බලන්නකෝ.

      Delete
  22. මෙඩුසා මෙඩුසා මං ආවා . මෙන්න මේ ලියමන දැනෙන්න පටං ගත්තා

    ReplyDelete
    Replies
    1. :D :D thanks අයියේ. ආව එක ගැන සතුටුයි.

      Delete
  23. ලස්සනට ලියපු කතාව . ඔයාගේ සැබෑ ජිවිතේ කටහ්වක් වගේ කියල මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. සැබෑ ජීවිතේ කතා අනෙක් ඒවට වඩා ලස්සනට ලියවෙනවා ඇති.:)

      Delete
  24. ලස්සන කථාවක්. ඇත්ත කථාවක් නිසා තවත් සංවේදීයි. නෙලුම්යායෙන් පාර හොයා ගත්තේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හොයාගෙන ආවට.:)

      Delete
  25. දුකක්ද සතුටක්ද කියන්න බැරි අමුතු හැඟීමක් ආව මේක කියෙවුවහම

    ReplyDelete
  26. දුකක්ද සතුටක්ද කියන්න බැරි අමුතු හැඟීමක් ආව මේක කියෙවුවහම

    ReplyDelete
  27. මං අදමයි මෙහේ ආවේ.. මේඩ්යුසා හරි. තමන්ගේ කතාව ලියන්න විශේෂ ආයාසයක් ඕනේ නැ... දුක උනත් සතුට උනත් අපුරුවට ලියවෙනවා.
    ඔබේ කතාව කියවන්න බලාගෙන ඉන්නවා..

    ReplyDelete

ඔබේ අදහස ලියා යන්න. කරුණාකර අසභ්‍ය වචන හා අපහාසාත්මක දේ ලියන්න එපා.