Thursday, 20 October 2016

මිදි ඇඹුල්!



























(thanks to Surin Jayawardana :) )


මිනිස්සු කියන්නේ හරිම පුදුම ජාතියක්. හැමෝම කැමති සුරංගනා කතාවලට. අවසානය හොඳින් නිමවෙන චිත්‍රපටිවලට. නවකතාවලට. ඒවායේ අවසානය කොහොම වුනත්, ඒවා ඇත්ත නෙමේ හින්දා හිත හදාගන්නත් අමාරු නෑනේ. 

මම හිතුවා මගේ කතාව මැද්දෙන් නතර කරලා වෙන පැත්තකට යමු කියලා. අනික් අයට දුක හිතෙන දේවල් කියලා එයාලගේ හිත රිද්දන්නේ මොකටද කියලත් හිතුණා.

ටානියා මගේ ජීවිත කතාවේ ඔය කියන හරියෙදි ඇතුල් වෙලා තිබ්බේ නැහැ. එයා මට මුන ගැහුනට පස්සේ මගේ හොඳම යෙහෙළිය වුනේ එයා. කලින් වතාවක කීවා වගේ එයාගේ අම්මා බර්ගර් ජාතික කාන්තාවක්. ඒ හන්දා එයා හිතන විදියේ වෙනස්කමක් තිබුණා. මම කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදුහලක ඉගෙනීම ලබද්දි, එයා ගියේ අන්තර්ජාතික පාසැලකට.

අපි දෙන්නා පිස්සු නැටුවා කීවොත් හරි. 

අපි රෑ තිස්සේ කෑගහමින් හොල්මන් ෆිල්ම්ස් බැලුවා. මේ හොල්මන් සමහර දවස්වලට හීනෙනුත් අපි දැක්කා. කලුවර, වැහි දවස්වල හැබැහින් වගෙත් පෙනුනා.

ප්‍රේම කතා බලමින් ටිෂූ පෙට්ටි ගනන් ඉවර කලා. තරුනයෝ ඔය විදියට අර අහිංසක ගෑනු ලමයි දාලා යන්නේ කොහොමද? අපේ ඇස්වලින් කඳුලු කඩා වැටුනා. අම්මලා තාත්තලා ඔය විදියට ජෝඩු වෙන් කරන්නේ කොහොමද? අපි හඬා වැලපුනා.

මූනුවල පාට ගාමින්, කොන්ඩා හදමින් වද දුන්නා. අනුගමනය කිරීමට තැත් කලේ ගොඩක් දුරට බටහිර නිලියන්ව. ටානියා වතාවක් කොන්ඩේ රතුපාට කලා. "ඔයාගේ යාලුවගේ හැටි" කියමින් අම්මා හිනාවුනා. ටානියාගේ තාත්තා කෑගැව්ව හන්දා පහුවෙනිදම එයාගේ කොන්ඩය කලුපාට වුනා. අපිට ඒ කාලේ අපේ පර්යේෂණවලට වැඩිහිටියන්ගෙන් සෑහෙන බාධා තිබ්බා.

කෙල්ලෝ ඉස්කෝලවල කියන කතා, විද්‍යාඥයෝ දෙන්නෙක් වගේ ආපහු,  ආපහු සාකච්චා කලා. "ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද?" අපේ සාකච්ඡා වලට භාජනේ වුනේ බබාලා හම්බ වෙන හැටි වගේ බරපතල ඒවා තමා. 

එක්තරා වයසකට ලංවුනාට පස්සේ, අපේ බලාපොරොත්තුව වුනේ කොහොමහරි කොල්ලෙක් එක්ක යාලුවෙන එක. වයස එකොලහ, දොලහ වගේ කාලෙදි, කෙල්ලෝ පේන්නේ පුංචියට කියලා අපි දැනගෙන හිටියේ නෑ. 

එයාලා බැලුවේ, හොඳට ඇඟ පත හැදුණු, එක්, එක් මෝස්තරේ කොට ගවුම් අඳින,  බීම කටේ තියන, නටන (මේක නම් ඉතින් ඕනම කෙනෙකුට කල හැකි දෙයක් නේ) වෙනත් දේවල් පාවිච්චි කරන අය කියලා අපි මොහොතකටවත් හිතුවේ නෑ.

අපි ඉතින් මෝඩයෝ වගේ කොල්ලෝ වර්ග කලා.

ලංකාවේ හැම තැනකම හොඳ ඉස්කෝලත්, කඩවසම් කොල්ලෝ හිටියත් අපි දැනගෙන හිටියේ කොළඹ අවට පාසැල් කීපයක අය ගැන විතරයි. ඒ හන්දා කියවන අනෙක් ඉස්කෝලවල අය අමනාප නොවෙයි කියලා හිතනවා.

අපි මුලින් හොඳයි කියන ඉස්කෝල ගැන බැලුවා. ටානියාගේ තාත්තාගේ හා අම්මාගේ පැත්තෙන් නෑයෝ වෙන පිරිමි ලමයි බර ගානක් හිටියා. අපේ පර්යේෂණවලට නොදැනුවත්වම උදව් කලේ මේ අය.

ශාන්ත තෝමස් විද්‍යාලය. ඉංග්‍රීසි බාවිතය අතින් දක්ෂ වුනත් ඒ කොල්ලෝ පෙනුනේ ඉගෙනීමට වඩා වෙනත් දේවල් කරපු අය හැටියට. එයාලා අපිට එක අයියා කෙනෙක් කියලා දුන්නු හැටියට 'ග්ලින් ග්ලින්' පාවිච්චි කලා. හානිදායක දෙයක් නෙමේ. බේතට වගේ ගන්න එකක්ලු. එයාලා ඉංග්‍රීසියෙන් කතා කරන කොට අපිට තේරෙන්නෙත් නැති තරම්. අපි ඉතින් කට ඇරගෙන බලා ඉන්නවා. යාලුවුනොත් ඒ ඉංග්‍රීසිවලට මොනවා ආපහු කියයිද දන්නේ නැති හන්දා එයාලව ලැයිස්තුවෙන් කපන්න සිද්ධවුනා.

ආනන්ද විද්‍යාලය හොඳයි. සිංහල හොඳයි. ඒත් එයාලගේ තිබුණා "අපි ආනන්ද" කියන එක තදින්ම. අනෙක එයාලා කොළඹ තිබ්බ සමහර බාලිකාවල ගෑනු ලමයි එයාලගේ වගේ තමා හිතන් හිටියේ. "ආ...ඒ ඉස්කෝලේ නංගිලා අපේ. " එකපාරක් එක අයියා කෙනෙක් කීවා. "එහෙම වෙන්නේ කොහොමද? ඔයාලට එයාලව ලියලා දීලා නෑනේ?" කියලා අහන්න හිතුනත් ඉතින් ඒ කාලේ දැන් වාගේ කට නැති හන්දා සද්ද නැතුව හිටියා. 

රෝයල් එකේ ලස්සන කොල්ලෝ හිටියා. ඉගෙනීම කමකට නෑ.  අපිට හිතුනේ ඔහොමයි. කමකට නැතුවද? නැත්නම් අපි දන්න අය ඉගෙනීමට ආසා නැතුවද කියන එක හිතෙන්නේ දැනුයි. ඔය රෝයල් අයියලා තරහා වෙනවා එහෙම නෙමේ. වයස අවුරුදු එකොලහක ලමයින්ට එච්චර තේරුමක් නෑ.

නාලන්ද පණ මදි. පණ තියෙන කවුරුත් දැක්කේ නෑ. ඒකයි. මතක් කරලා බැලුවාම, කොටින්ම කීවොත් ඒ ඉස්කෝලේ කවුරුවත්ම දන්නේ නෑ වගේ.

ඩී.එස්. නම් පරිප්පුම පරිප්පු. "අර යන කෙල්ල පේනවා නේද? එයා අපේ ඉස්කෝලේ අහවලාගේ ගර්ල්" අයියා කෙනෙක් අපිට කීවා. "කවදද එයාලා යාලු වුනේ?" කෙල්ලගේ ලස්සන දැකලා පුදුම වුනු අපි ඇහුවා. "තාම එයා ඒ ගැන දන්නේ නෑ. " ඒ අයියා, එයාගේ යාලුවා ගැන කීවා.

ඒක හරිගියේ නෑ. පස්සේ ස්පෝර්ට්ස් කරන අය ගැන කල්පනා කලා. ඒත් එයාලා සෙල්ලම් කරලා එනවෙලාවට පැත්තේ ඉන්න බැරි ගතියක් තමා දැනුනේ. සිංදු කියන හිතට ගත්තු කට්ටිය, ඔය වගේ අය තේරිලා තේරිලා අහකටම ගියා. එක, එක ආගමික අය ගැන නොයෙකුත් කතා අහන්න ලැබුණා. ඊට පස්සේ තමා හිතුණේ මොන ගොන් වැඩක්ද මේ කරන්නේ කියලා.

ඊට පස්සේ අපි තීරනය කලා හොඳට ඉගෙන ගත්තට පස්සේ හොඳ අය ඉබේම මුණ ගැහෙයි කියලා. ඒ නුවනක්කාර හිතුවිල්ලේ ප්‍රතිපලයක් විදියට අපි දෙන්නම හොඳින් ඉගෙන ගන්නවා. ටානියා මෙල්බන් නුවරත්, මම වෙනත් රටකත්.

මේ කතාව "මිදි ඇඹුල්" කතාව වගේ වුනත්, ඒ හා සමාන නොකරන හැටියට කරුනාවෙන් හැමෝගෙන්ම ඉල්ලාහිටින්න කැමතියි.

88 comments:

  1. I'd love to read Ravi's comment to this post !

    ReplyDelete
  2. Btw, write what YOU like first ; readers' choices come second. Blogs aren't like books and magazines. You don't write for money, so your preference comes first.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. //ඩී.එස්. නම් පරිප්පුම පරිප්පු.//
    ආ ෂරි ෂරි නංගි ෂරි ෂරි... -________-

    ReplyDelete
    Replies
    1. :O අයියා ඩී.එස්. ද? අනේ දැනගෙන හිටියේ නෑනේ. :D

      Delete
    2. ඒකෙත් මයිසූර් නෙමේ කව්පි පරිප්පු . නැත්ද මෙඩුසා

      Delete
    3. අජිත් අයියත් ඇවිත් මෙඩූසා කැකුණ තලනව බලන්න.:(

      Delete
    4. අජිත්: අර තැම්බෙන්නේ නැති එකනේ :P

      Delete
    5. අශාන්: කැකුණ? :O

      Delete
  5. මිදි ඇඹුලයි කියලා
    කියූ කතාවේ මා තනිඋනා එදා..
    චංචල ළඳක් උනාද
    ඔබ මා ඇසුරු කලා කියලා..

    මායිම් නැති ලෝකයක් කරා
    අප පියවර මැනලා..
    ජීවිතයේ මුල මැද අග
    සෙවුවා හදින් හදක් පුබුදා..

    තලා වැ‍ටුම් දහසක් ගෙවලා
    මී වද පැණි පිරුවා..
    රුචි රුචි කුසුමේ පෙති
    දිග හැරුනා සිතුම් පැතුම් සනහා..

    ගායනය - සෞම්‍ය කුමාර යාපා බණ්ඩාර
    https://www.youtube.com/watch?v=qOLMIsS_vTc

    ReplyDelete
    Replies
    1. කොහොමද අනේ මෙහෙම සිංදු ඔලුවට එන්නේ? හරිම ලස්සනයි.

      Delete
  6. Didnt u find innocent boys like me???

    ReplyDelete
    Replies
    1. උඹ කොයි වෙලාවටද ඉනසන්ට්. හැක්..

      Delete
    2. දේශක යා: U mean naiveté or lack of personal experience? :O :D

      Delete
    3. Pra Jay: Fairy tales don't exist :P

      Delete
    4. Praසන්ன: මාත් මේ අහන්න හැදුවේ:)

      Delete
    5. ඩ්‍රැකී: Insane Innocence :P

      Delete
    6. unsettled.. විලාට් කුමාරයා උඹට වඩා මං දරුණුයි හොදද?? හැක් හැක්..

      Delete
  7. Replies
    1. කම්පියුටර් එකේ ප්‍රශ්නේ හන්දා දෙකක් වදිනවාද දන්නේ නෑනේ :)

      Delete
    2. ජංගමයා තමයි දෙක දෙක දාන්නේ

      Delete
  8. Replies
    1. දෙපාරක්ම කියලා තියෙන හන්දා හොඳ කලක් යයි.

      Delete
  9. // රෝයල් එකේ ලස්සන කොල්ලෝ හිටියා. ඉගෙනීම කමකට නෑ. //

    ලස්සන කොල්ලෝ???

    හැන්ඩ්සම් බෝයිස් ලා නම් රෝයල් එකේ ඉන්නවා හිටන්!

    ReplyDelete
    Replies
    1. :D :D ඔයත් ඒ ඉස්කෝලෙද? ඒ කාලේ අපේ හොඳම වචනේ 'එයා ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි'කියන එක.

      Delete
    2. රෝයල් එකේ හොද කොල්ලො.... බොරු නොකියා හිටහං... :--) අපි නොදන්නවයෑ එයාලා ගැන...

      Delete
    3. ඔව්.ඔව්.රෝයල් නම් ලස්සනයි. ලස්සන නම් රෝයල් තමයි.

      Delete
    4. අප ඔබ සමගයි සැමදා නේ? :D

      Delete
  10. මට මතක්වෙන්නේ අපි ඉස්කොලෙ ඔෆිස් එකට බෝයිස්කූල් එකකින් ඇවිත් කියල ආරන්චි උනාම දෙතුන් දෙනා මරුවෙන් මාරුවට ඔෆිස් එක පැත්තට ගිය හැටි. අපේ ක්ලාස් එක භාර මිස් හරිම හොඳයි , එයාව හොයන විදිහට තමා ගොඩක් වෙලාවට යන්නෙ. මිස්ට දවසක් ඒක ගැන පොඩි සැකයක් ඇවිත් , මොකද අද කට්ටිය ස්ටාෆ් රූම් එකේ හිටිය මාව ඔෆිස් එකේ හෙව්වෙ කියල ඇහැව්වෙ හිනාවක් හන්ගගෙන.


    ටිකක් පොඩි වයසෙදි ඔය වාගෙ පිස්සු වැඩ කරනවා කෙල්ලො

    ReplyDelete
    Replies
    1. මෙයත් හොඳ වැඩ කරලා එහෙනම්. ටිකක් පොඩි වයසෙදි ? දැනුත් හිටපු ගමන් ඔහොම ඒවා වෙනවා.

      Delete
  11. ගෑණුළමයි ඔහොම වෙන්ඩ ඇති කියලා මටත් හිතෙනවා. මං මගුල් මුද්ද දාන්නෙ නෑනෙ. ඉතිං අනික් අංග ලක්සන අතිං බැලුවත් මං තාම විසි දෙහෙක කොල්ල වගෙයි. මා දිහා හැරිලා බලන්න ගිහිං කෙල්ලො කීපදෙනෙක්ම කාණු පල්ලෙ වැටිලත් තියෙනවා. මං දන්න ගෑල්ලමයි කීපදෙනෙක්ම මට ඇහෙන්නම කියල තියෙනවා "ආනේ.. මටත් ස්‍රංගයියා වගේ බෝයි කෙනෙක් හිටියනම් චෝයියනේ" කියලා. මං හිතා ඉන්නෙ ඊළඟ ආත්මෙදිවත් ටිකක් රූමත්කමෙං අඩුව උපදින්න. නැත්තං මේ කෙල්ලංගෙං බේරෙන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේකට අටම කියන උත්තරේම තමයි මටත් හිතට ආවෙ...

      Delete
    2. surangamlr: හා හා ෂෝයි. මටත් එන ආත්මේ දිහාට ශෘංගයියා වගේ රූමත්බව අඩු කරගත්තු කෙනෙක් හිටියා නම් හොඳයි. ගෑනු ලමයි කානුවලත් වැටෙනවද? එහෙම අය එනකොට ශෘංගයියා දුවලාද බේරෙන්නේ?

      Delete
    3. ඩ්‍රැකී: අටම කියන උත්තරේම? එයා මොනවද කියන්නේ?

      Delete
    4. ශ්‍රන්ගයා විතරක් නෙවෙයි මමත් මගුල් මුද්ද දාන්නේ නෑ.. පුරස්නේ වෙලා තියෙන්නේ මෙහෙ සිංහල කෙල්ලෝ අඩුයිනේ අපි දිහා බලන්න. මෙහෙ අය බැලුවට ගණන් ගන්න බයයි . ලංකාවේම එන්න ඕනේ කාණු වලට වැටෙන කෙල්ලෝ බලන්න හිටං

      Delete
    5. ගෑල්ලමයෙකුගේ බ්ලොග් එකක් හන්දා ඒක කියන්ඩ බැ ...කවිදුවට නං කුපාඩි හිනාවක්වත් තියනවා සුරංගයා දිහා බලනවා ඇත්තේ .....ගමේ හරක්බලන කොල්ලා සපත්තු දෙකක් දාල කියල වෙන්ඩ ඇති

      Delete
    6. කවිඳු: ලංකාවේ විතරද මෝඩ කෙල්ලෝ ඉන්නේ? සුදු කෙල්ලෝ එහෙම කානුවේ වැටෙන්නේ නැද්ද? :P

      Delete
    7. අටම්පහුර: කවිඳුගේ හිනාව ලස්සනයි තමා. :) ශෘංග අය්යත් වරදක් නෑ. චූටි මැණිකේ බ්ලොග් කියවනවා. බලාගෙන. :D

      Delete
  12. යකෝ කෙල්ලෝ මෙහෙම් හිතනවා කියා ඒ දවස් වල දැන හිටියනම්. අරයගෙන්, අරයා ගෙන්, ආ අරයාගෙන් - කි දෙනෙක් ගෙන් අහන්න තිබ්බද?
    //නාලන්ද පණ මදි. පණ තියෙන කවුරුත් දැක්කේ නෑ. // මේක වහාම රුවනට අරින්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. රුවනා? :O හොඳ වෙලාවට දැනගෙන හිටියේ නැත්තේ? හා හා නැත්නම් කෙල්ලෝ සිය ගානක ආදර කතා ඔයාට ලියන්න වෙනවා.

      Delete
    2. මේ කිවේ ට්‍රාන්සිල්වේනියා ලියන වෛද්‍ය රුවන් ගැන . නාලන්දේ ගැන දිගට හරහට ලියන්නේ.

      Delete
    3. එයා ඇවිත් තවත් නඩුවක් දායිද දන්නේ නෑ මේ කතා අහලා නාලන්දේ කොල්ලන්ට ආතතිය හැදිලා කියලා.:D (kidding)

      Delete
  13. බැලුවම හැමෝම එකම බෝට්ටුවේනේ:D

    ReplyDelete
  14. ඔන්න අපි නම් ඔය වර්ගීකරණය කෙරුවේ නැහැ.ඒ ඒ වේලාවට ඒ ඒ විදියට තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට මට හොඳටම හිනා ගියා. ඒක තමා නුවන තියෙන වැඩේ. තෝරන්න ගියාම කරදර වැඩී. අන්තිමේදී අපිට කවුරුත් හම්බ වුනේ නෑ.

      Delete
  15. ඇති යන්තම් පොඩි මොලයක් තිබිලා නේද ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. වෙලාවට චූටි එකක් තිබිලා :)

      Delete
  16. අනේ අපේ ඉස්කෝල වලනං ඔය වගේ ඔලු කාරයොයි මෙලෝ වැඩකට නැති එවුවොයි කියල වෙන්කරන්න පුලුවන් එවුවො හිටියෙ නෑ.

    ReplyDelete
    Replies

    1. ඒ කීවේ ඔක්කොම එක වගේද?

      Delete
    2. ඔව් ඉතිං අපි දෙන්න එක පන්තියේ ඉන්දී අනිත් උන් හැදෙයියැ?? හැක්

      අර මගේ ඉඩං කට්ටිය තාම විකුණූවේ නෑනේ? විකුන්නන නං මගේ රන්තලිය දියෝ.. කච්චපුටා..

      Delete
  17. //ඊට පස්ස් අපි තීරනය කලා හාඳට ඉගන ගත්තට පස්ස් හාඳ අය ඉම මුණ ගැහයි කියලා.//

    මොකටද ඉතිං නිකං කටවල් අවුස්සගන්නෙ? මං ගියා...

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාට කවුරු හරි කොල්ලෝ අපි ගැන මොනවා හරි කීවද?:D:D

      Delete
  18. / නාලන්ද පණ මදි. පණ තියෙන කවුරුත් දැක්කේ නෑ. ඒකයි. මතක් කරලා බැලුවාම, කොටින්ම කීවොත් ඒ ඉස්කෝලේ කවුරුවත්ම දන්නේ නෑ වගේ./

    කවුරුවත්ම දන්නෙ නැත්තං කොහොමද බොල උඹ එහෙම කිසි බයක් හැකක් නැතුව කියන්නෙ පණ මදිය කියල..

    අනෙ අම්මාපල්ල...අර මෛත්‍රී ගාව තියන එකෙං තමයි බොට තලන්ට ඕන..

    ReplyDelete
    Replies
    1. ජලා හුටා රවියා නාලන්දේද හික්ස්

      Delete
    2. රවි: අයියා නාලන්දෙද? :O කලින් දන්නවා නම් ඔහොම කතා කියන්නේ නෑනේ :P

      Delete
  19. හිතවත් ප්‍රා ජේ මහතා,

    උපුටනය / නාලන්ද පණ මදි. පණ තියෙන කවුරුත් දැක්කේ නෑ. ඒකයි. මතක් කරලා බැලුවාම, කොටින්ම කීවොත් ඒ ඉස්කෝලේ කවුරුවත්ම දන්නේ නෑ වගේ./ උපුටනය අවසන්

    මෙඩූසා නමැත්තියගේ ඉහත සඳහන් අත්තනෝමතික එමෙන්ම සාකල්‍යයෙන්ම පදනම් විරහිත ප්‍රකාශය තුල ගැබ්ව ඇති චේතනාන්විත අපහාසය අනුව පැහැදිලි නඩු නිමිත්තක් පවතින බව මගේ විශ්වාසයයි.

    එබැවින් මෙම තැනැත්තියට විරුද්ධව සාපරාධී අපහාස පණත යටතේ ප්‍රමාණවත් වන්දි මුදලක් ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.

    ReplyDelete
    Replies
    1. දැන් මොනවා කරන්නද , කෝ ඔය නස්සනයි කීව සෝයල් එකේ කට්ටිය ඇවිල්ල මෙඩුස නංගි වෙනුවෙන් පෙනී හිටින්න බලන්න.

      Delete
    2. // නාලන්ද පණ මදි// කතාවනන් ඇත්ත... මෙඩුසා අක්කේ මේ නඩුවට මම ඔයාගෙ පැත්තෙ හරිද... හැබැයි ඒකට පස්සෙ මම නඩු දානවා රෝයල් උන් ලස්සනයි කිව්වට...

      Delete
    3. //ඩී.එස්. නම් පරිප්පුම පරිප්පු//

      හිතවත් රවී මහතා,
      අදාළ නඩු කටයුතු සඳහා ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සම්පූර්ණ සහයෝගය හිමි වන බවට මෙයින් ප්‍රකාශ කර සිටිමු.
      ස්තූතියි.

      Delete
    4. රවි: වන්දි මුදල්? අපෙන්? අපි ඉතින් නාලන්දේ අයියලාව වැඩිය දන්නේ නෑ තමයි. ඒත් අල්ලපු ගෙදර නාලන්දේ මල්ලියෙක් හිටියා. ඒ පැත්තට ගිය බෝලයක් තාප්පෙන් මෙහාට දාගන්නවත් එයාට පණක් තිබ්බේ නෑ. අපි ඒ කතාව හැදුවේ ඒකයි අයියේ. ඔයාට ශුවර්ද ඔය ප්‍රා ජේ මහත්තයා ඔයා වෙනුවෙන් පෙනී හිටී කියලා? :P

      Delete
    5. අජිත්: ඇත්තට එක්කෙනෙක්වත් පේන්නවත් නෑනේ? :(

      Delete
    6. මිතිල: නෑ නෑ මිතිල දැන් ඉන්න අය ලස්සනලු.:)

      Delete
    7. අශාන්: ඔයත්? :'(

      Delete
  20. මොනා උනත් කමක් නැ මගේ ඉස්කෝලෙ මුලින් ලියලා තියෙනවා... ශාන්ත තෝමස්... මම නන් තාම A/L හන්දා තාම ඉස්කොලෙ අත්දැකීම් විදිනවා...අපි ඉගෙනීම අතිනුත් හොදයි ඈ...රෝයල් ගැනනන් කතා කරලා වැඩක් නෑ... // රෝයල් එකේ ලස්සන කොල්ලො හිටියා// අක්කෙ ඔයා ඒ කාලෙ කණ්නාඩි දැම්මද?

    ReplyDelete
    Replies
    1. ඉගෙනීම අතින් හොඳයි කියලා පේනවා මිතිල ඔයාගේ බ්ලොග් එකෙන්ම. ඒ කාලේ අපි පොඩි කෙල්ලෝ කියලා කීවානේ. කන්නාඩි නොදැම්ම හන්දා තමා එහෙම වුනේ. තාමත් දාන්නේ නෑ ඒ හන්දා කැත අය තාම ලස්සනට පේනවා.:D

      Delete
  21. කලින් බ්ලොගය දැක්කට අද තමයි කමෙන්ටුවක් දාන්න වෙලාවක් ලැබුනේ...

    ආනන්දේ, නාලන්දේ, රෝයල්, ඩි.එස්., කොහෙත් හොඳ සහ නරක ළමයි දෙගොල්ලම මුණ ගැහිලා තියනවා, හැබැයි ඉතින් ලස්සන ගැන නම් ඇත්තෙන්ම විශ්ලේෂණය කරලා නැහැ...

    නාලන්දේ අපේ කාලේ මහේලලා ක්‍රිකට් ගහපු කාලේ...ඒ වගේම ආනන්දේ සිරසේ කිංස්ලි රත්නායක ඩිබේට් ටීම් එකේ උන්න කාලේ...ඒ වගේම සහන් රන්වල ආනන්දේ, ඒ කාලේ බොහොම කඩවසම්...

    කොහොම වුනත් ජීවිතේට සහකාරයෙක් තොරාගනිද්දී උගත් පාසැල කියන්නේ මොන තරම් බොළඳ සාධකයක්ද කියල මෙඩුසලා ඒ කාලෙම තේරුම් ගත් එක ලොකු දෙයක්...මේ පෝස්ටුව මගේ හිත 96/97 කාලෙට ගෙනිච්චා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි. අර ඒ කාලේ කඩවසම් කීව අය මේ කාලේ කොහොමද?

      Delete
  22. අර රෝයල් එකට දාපු පල් පාට් එක හරි මදි වගේ. අපිට තෝමියන්ස් ලාට වඩා ඉංගිරිසි වගේම ආනන්දියන්ස් ලා ට වඩා සිංහලත් පුලුවන් නංගි...හැබැයි අපි පැනලා කලර්ස් පෙන්නනවා අඩුයි...
    දැන් සහෝදර ආනන්ද සහ තෝරා වරුන් මල පන්වා නොගෙන සිටීවා

    ReplyDelete
    Replies
    1. මම තාම ඔයා කොයි ඉස්කෝලෙද කියලා හොයනවා :P

      Delete
  23. අපේ වගේ හොඳම ඉස්කෝල මේ වගේ එවුන්ට පෙනුනේ නැත්තේ අපේ වාසනාවට (ඉරිසියාව 1)
    දැන් බ්ලොග් කලාව මෙච්චරට චාටර් වෙලාද මේ වගේ පොස්ට් වලටත් කොමෙන්ට් හත්තගණන් වැටෙන්න (ඉරිසියාව 2)

    ReplyDelete
    Replies
    1. මැලේ රෝල්ස්......කොහෙද කොල්ලෝ ඉන්නේ? දැන් දකින්නම නැහැනේ. මට මෑතකදිත් මතක්වුනා "විභාග ෆේල්" නාට්ටිය බල බල ඉන්නකොට. උඹ ලියපු කතා මතක්වුනා.

      Delete
    2. මැලේ රාල: හම්මෝ මෙහෙම ඉරිසියාකාරයෙක් (ඇත්ත කතා ) :D

      Delete
  24. අපේ අසල්වැසියාවු තර්ස්ටනයා සහ උන්ගේ වාර්ශික එනමියාවු ඉසිපතනයා ගැන වචනයක්වත් නොලිවීම ගැන උන් මෙඩුසාට බනිනවා. ජෝශප්ගේ පුත්තු, පීටර්ගේ පුත්තු ෆුල් අප්සෙට්.

    ReplyDelete
    Replies
    1. තර්ස්ටන්, ඉසිපතන, ලස්සන අයියලාගෙන්, ජෝශප්, පීටර් ලස්සන පුත්තුන්ගෙන්, සමාව අයැද සිටිනවා. :P

      Delete
  25. වෙලාවට නංකි කොලඹ උනේ.. අපේ පැත්තක එහෙම ඉස්කෝලේ ගියානං දැං ලමයි හත් අට දෙනෙක්ගේ ආච්චි කෙනෙක්.. බලන බලන කොල්ලා හැන්ඩ්සම් නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. අයියලාගේ පැත්තේ ලස්සනයි කීව හැටියේ ඔහොම වෙනවද?:P පලාතේ නම කියන්නකෝ. පැත්තේ එන්නේ නෑ.:D

      Delete

ඔබේ අදහස ලියා යන්න. කරුණාකර අසභ්‍ය වචන හා අපහාසාත්මක දේ ලියන්න එපා.