Monday, 17 October 2016

එදා ඉඳන්!


























මට මතක හැටියට එදා හරිම මූසල, පාලු දවසක්. හරියට පාට නොකරපු, බොඳවෙච්ච, අඳුරු චිත්‍රයක් වගේ. තාත්තා ඊට ටික දවසකට කලින් රෝහලට ඇතුල් කරලා තිබුණා. උණ රෝගයක්. ඒ එක්කම දොස්තරවරුත් ස්ට්‍රයික් කරලා. අම්මා මාව ඇදගෙන රෝහලට දුවනවාත්, අමාරු වුනු තාත්තාට ලේ හොයන වැඩේට සීයා තාත්තා දුවනවාත් මට යාන්තමට මතකයි. අපි එදා හවස තාත්තා බලන්න යද්දි එයා හැසිරුනේ අමුතු විදියකට. 

"මට දුක මගේ කෙල්ල ගැන" එයා අම්මාට කීවා. වෙනදා දකින තාත්තාට වඩා වෙනස් කෙනෙක් තමා ඒ ඇඳේ දිගා වෙලා හිටියේ. මගේ තාත්තා උස, සුදු, ලස්සන කෙනෙක්. එයා මාව අතින් අල්ලන්න හදනකොට මම අම්මාට පස්සට වුනේ බයෙන්. තාත්තාගේ ඇස්වල කඳුලු මම යන්තමට දැක්කා.

"පිස්සු කතා නොකියා ඉන්න" අම්මා තරමක් තදින් කීවා. "මම ඔයා ආසා එලවලු සුප් එකක් අරන් හවසට එන්නම්"

අම්මා ගෙදර ගිහින් නිදාගත්තා. මම ඇගේ පය පාමුල මගේ බෝනික්කා එක්ක සෙල්ලම් කලා. හදිසියේ ඉස්සරහා දොර ඇරෙනවාත්, කටහඬවල් වගේකුත් ඇහුනා. අම්මා ඇස් ඇරියා. කාමරේ දොර ඇරගෙන ආවේ අම්මාගේ පොඩි නැන්දා. ඇගේත්, ආච්චි අම්මාගේත් මූනු දැක්ක මගේ අතින් බෝනික්කා බිම වැටුනා. එයාලා අම්මා දිහාට නැවිලා මොනවදෝ හිමිහිට කීවා. අම්මා කෑගහන ගමන් මාව තල්ලු කරලා දැම්මා. ආච්චි අම්මා මාව අරගෙන අඬමින් කාමරෙන් එලියට ගියා. මට මතක මම බෝනික්කා උඩින් යන එක විතරයි.

පහුවෙනිදා අපි තාත්තා අරගෙන එයාගේ ගමේ ගියා. කාර් පෙරහැරක්. ආච්චි අම්මා මාව ඔඩොක්කුවේ තියාගෙන ගියා. අම්මා අපි කා දිහාවත් බැලුවේ නෑ. තාත්තලාගේ ගෙදර පිරිලා හිටපු මිනිස්සු වැඩියම බැලුවේ තාත්තා දිහා නෙමේ අම්මත්, මාත් දිහා. 

"කොච්චර ලස්සන වුනත්, සල්ලි තිබුනත් මොකටද මූසල නම්" ඒ මූණුවලින් කියැවුනා. සමහරු ඇහෙන්නමත් කීවා.

අම්මා මාව ලඟටවත් ගත්තේ නෑ. "මේ ලමයව අහකට ගෙනියන්න" ඈ ආච්චි අම්මාට කීවා. 

ඉස්සර අපි තුන්දෙනාම නිදා ගත්තේ එකට. මාව මැදින් තියාගෙන එයාලා මට නින්ද යනකල් කතන්දර කීවා. "බඩා" සමහර වෙලාවට අම්මා තාත්තාට විහිලු කලා. "දැන් බඩකුත් ඇවිල්ලා" තාත්තා ඒ වෙලාවට අම්මාට තව මොනවා හරි විහිලුවක් කරනවා. විහිලුව මට තේරෙන්නේ නෑ. ඒත් අම්මා හය්යෙන් හිනාවෙනවා.

මම හිමින් සැරේ සාලෙට ගියා. ගමේ ආවාම මා එක්ක සෙල්ලම් කරපු ගෑනු ලමයා අඬමින් මා දිහා බලා ඉන්නවා. එයාට හරියට සිංහල කතා කරන්න බැරිබව මට මතකයි. එයාට වඩා උස්වෙන්න මට ඕනි වුනාම එයා මාව වඩාගන්නවා . "ඔන්න දැන් බේබි මට වඩා උසයි." 

තාත්තා සාලේ තිබ්බ පෙට්ටියක නිදනවා. ඔහුගේ ඔලුවට උඩින් පහනක් දැල්වුනා. ලොකු තාත්තා ඒකේ දැල්ල සකස් කලා. ගමේ ආච්චි ඒ ලඟින් ඉඳන් හීල්ලුවා. එයාට තව පුතෙක් හිටියා. අපේ ආච්චිගේ පුතා නැතිවුනා. තාත්තා හරිම කලුපාටයි. ටිකක් විතර අමුත්තක් දැනුනත් මම දැනගෙන හිටියා එයා මට ගොඩක් ආදරේබව. මම හැදුවා එයා ලඟින් නිදාගන්න. සීයා තාත්තා ඇවිත් අඬමින් මාව අරගෙන ගියා.

එදා ඉඳන් අම්මා කා එක්කවත් කතා කලේ නෑ. මාව බලාගත්තේ ආච්චි අම්මා. මම කාලයක් යනකල් හීනෙන් බයවුනා. පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩලා, මටත්, අම්මාටත් පිරිත් කීවා. 

සීයා තාත්තා අපි දෙන්නව එයා දන්න දොස්තර කෙනෙක් ලඟටත් ගෙනිච්චා. එයා මගෙන් එක, එක ප්‍රශ්න ඇහුවා. මම මොනවා කියන්නද? මම එයා දිහා ආපහු බලාගෙන හිටියා. තාත්තෙක් නැතිවුනාම ඇත්තට දුවෙක් මොනවා කියන්නද?

අම්මා වෙනස් වුනේ තාත්තා නැතිවුන දා ඉඳන්. 

තාත්තා නැතිවුනේ මගේ අවාසනාවට කියලා එයා හිතනවද?

මම මේ ලෝකෙට ආවේ මට ඕනිවටද?

අම්මේ, මම මොන වරදක් කලාටද ඔයා මට ආදරේ නැතිවුනේ?

එදා ඉඳන් මේ ලෝකෙට පුංචි මෙඩුසා කෙනෙක් උපන්නා!


37 comments:

  1. මෙඩුසල ඉපදෙනවා දෙමව්පියන්ගේ වැරුද්දෙන්.. ඒත් ඉපදුනාට පස්සේත් එයා මෙඩුසා නම් ඒකත් දෙමව්පියන්ගේ වැරුද්ද..

    ReplyDelete
    Replies
    1. මේව කුමන්ත්‍රණ. ඔවු ඉඳගෙන.

      Delete
    2. දේශකයා: ලමයින්ගේ වැරැද්ද වෙන්නත් පුලුවන් නේද අයියේ? අතීතය අමතක කරලා ඉස්සරහා බලන එක තමා නුවණට හුරු.

      Delete
    3. ප්‍රසන්න: කාගෙද? :D

      Delete
  2. ජීවිතේට කරදර එනවා. ඒවාට මුහුණ දෙන්න වෙනවා. පොඩි එවුන් මොනා කරන්නද.

    ReplyDelete
    Replies
    1. කරදරේ ලොකු වෙන තරමට පොඩි අයට වෙන කරදරත් ලොකු වැඩී.

      Delete
  3. මෙඩූසල දෙව්දූල වෙන්නෙත් දෙව්දූල මෙඩූසල වෙන්නෙත් දෙමව්පියන්ගෙ වැරැද්දෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස දෙව්දුවෙක් වෙන්න තමන්ටත් පුලුවන් කමක් තියෙන්න ඕනි කියලා අයියේ.

      Delete
  4. අපිට ඕනෙවට, අපි කැමැත්තෙන් එන්නෙත් නෑ ලේසියෙන් යන්නත් බෑ... ඒක අමතක එකයි වරද..

    ReplyDelete
    Replies
    1. මෙදුසා මිනිස්සු විවිධාකාරයි නේද... ඒ විවිධත්වයට එක එක හේතු බලපානවා... අම්මාගේ මේ වෙනසට බලපෑව හේතුව ඔයා ඉක්මනින් කියාවී කියලා බලාපොරොත්තු වෙනවා...

      දිගටම ලියන්න... අපූරුයි...

      Delete
    2. ඒක අමතක කරන්නේ දෙමව්පියෝ නිර්මාණි. අම්මාගේ මුලික වෙනසට හේතුව තාත්තා තරුන කාලෙම අකාලේ මියයාම කියලා තමයි මට ඒ වෙලාවේ හිතුනේ. දැන් තේරෙනවා ජීවිතේට ඒ විදියට තනියම මූණ දෙනකොට අමාරුවෙන්න ඇති කියලා.

      ගොඩක් ස්තූතියි ඔයාට.

      Delete
  5. ජීවිතය වෙනස්වෙනවා - හොඳට, නරකට, ආයිත් හොඳට, ආයිත් නරකට ..................

    Medusa too has evolved and will continue to do so. Nothing lasts for ever; even memories evolve with time.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ගියපාර කමෙන්ට් එක හොඳටම තේරුනේ මේ පාර කමෙන්ට් එකෙන්. "Nothing lasts for ever; even memories evolve with time. " හරිම ඇත්ත. කියලා තියෙන විදියත් ලස්සනයි. "you cannot relive them" කියලත් කියනවනේ.

      Delete
  6. ලොකු කම්පනයකට ලක් උනහමත් සමහර අයගෙ හැසිරීම වෙනස් වෙනවාලු

    ReplyDelete
    Replies
    1. ඔව් පැණිකූ. සමහරු මානසිකව රෝගීන් බවට පත් වෙනවා.

      Delete
  7. අම්මගෙ හැගීම් තේරුම් ගන්න මෙඩූසා පුන්චි වැඩියි . මෙඩූසගෙ පුන්චි හිතට දැනුන දුක ගැන තේරුම් ගන්න පුලුවන් මානසික තත්වයක් අම්මටත් ඒ වෙලාවෙ තිබුනෙ නැති එකත් පුදුමයක් නෙවෙයි. ඒත් ලොකු වෙනතුරුම දරුවා ගැන නොසලකා ඉන්න තවත් මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ ..........

    ReplyDelete
    Replies
    1. රෙහානාගේ විග්‍රහය හරියට හරි. සමහරවිට ඒ දෙන්නාගේ ලොකු බැඳීමක් තියෙන්න ඇති. තාත්තා ගැන අම්මාගේ හිතේ තරහක් ඇතිවුනාද දන්නේ නෑ.

      Delete
  8. තුවාලේ වේලෙන්න නොදී ඇයි තවත් පාරන්නේ

    ReplyDelete
    Replies
    1. තුවාලේ දැන් සනීපයි අයියේ. ඒ ගැන කතා කලාම සමහර ලෙඩවල් ඉක්මනින් හොඳවෙන වෙලාවල් තියෙනවා. හිතේ තදකරගෙන ඉන්න එක තමා නරකම.

      Delete
  9. මම නම් මේ වගේ දේවල් වලට හරි විරුද්දයි. කොහේ වත් නැති අහිංසකයෙක් කොහොමද මේ දේවල් වලට නිරපරාදේ වැරදි වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ අපේ සමාජ ක්‍රමය අයියේ. අම්මා ගැන මිනිස්සු මොන වගේ කතා කියන්න ඇද්ද?

      Delete
  10. අනේ මංද. එතන මෙඩුස ගෙ වරද මොකද්ද කියන එක තමයි මට තාම තියෙන අවුල... කෙනෙක් ගෙනාව ආයුශක්තිය අවසන් වීම තවත් කෙනෙක් ගේ මූසල බව හරි අවාසනාව හරි වෙන මොකක් හරි විදියට අර්ථ දක්වන්නෙ ඇයි. මමත් ඉද හිටල ඔය වගේ කතා කීපයක් කණින් කොණින් අහල තියෙයි.
    පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එකටත් උඩ තියෙන උත්තරේ හරියයි කියලා හිතෙනවා.:)

      ඒ අපේ සමාජ ක්‍රමය අයියේ. අම්මා ගැන මිනිස්සු මොන වගේ කතා කියන්න ඇද්ද?

      Delete
  11. ඉපදිලා අවුරුදු හතරක්, පහක් වෙන ලමෙයෙක්ට අවාසනාවන්ත, මූසල එකෙක් කියලා හංවඩු ගහන නෑදෑයො ළමා අපචාරකයො හැටියට තමයි මං සලකන්නෙ. පොඩි කාලෙ නොසලකාහරිනු ලැබීම දුකක් හැටියට දැනෙන්නේ ලොකු උනාට පස්සෙයි. හැබැයි ඒකෙං ලොකු වාසියක් තියෙනවා. ඔයාට ඒක අහුවෙලා තියෙනවද මංද. ඔය වැඩිහිටියො පොඩි ලමයින් කොටසකට පොඩි කාලෙ පණ දෙන්න සලකන්නෙ උං ලොකු උනහම තමුන්ට දේවත්වයෙන් සලකයි කියලා හිතාගෙන. තමුන් වයසට ගියහම උදව් ගන්න බලාගෙන. අපේ රටේ වැඩිහිටියො ළමයින්ට සලකන්නෙ සත්තුන්ට වගේ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඒ අවස්තාවල් ලොකු වෙනකොට තේරුම් ගන්න එක ලේසි කියලයි. ලමයින්ට ඔය දෙවිදියටම සලකලා වැඩක් නෑ. එයාලට ලමයි විදියට සැලකුවා නම් ඇති. ආදරේ නම් අනිවාර්යෙන් ඕනි. දෙන තරමට තමයි ආපහු ලැබෙන්නේ. පොඩි කාලෙ ඉඳන්, මේ වගේ අත්දැකීම් ලබන අය පස්සේ කාලෙදි, හොඳ වැඩිහිටියෝ වෙයි.

      Delete
  12. එහෙම දෙයක් නිසා දරුවෙක් කාලකන්නි/මුසල වෙනවා නම්, මම දන්නා ලොකුම කාලකන්නියා ලෙස සලකන්න පුළුවන් කෙනෙක් තමයි 'සිදුහත් කුමාරයා' පිළිගන්නවද මන්ද
    අනිත් අය කෙසේ වෙතත් ඔබ මේ මානසිකත්වයෙන් මිදෙන්නත් ඕනේ. අන් අයගේ සිතුම් කිසිවිටෙකත් ඔබට අයිති නැහැ, පාලනය කරන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. හිතලා බැලුවාම ඇත්ත නේන්නම්. ලිඛිතාගේ උදාහරණය හරිම අපූරුයි.:)

      නෑ මම ඒ අතීතය දිහා බලන්නේ උපේක්ෂාවෙන්. සමහරවිට තරහා ගියාට එහෙම වුනේ ඇයි කියන එක මට තේරුම් ගත්තු හැකි. ඒත් අම්මා වුනත්, ගැහැනියෙක් ඒ විදියට මානසිකව වැටෙනවට මම කැමති නෑ.

      Delete
  13. මෙඩුසා කතාන්දරය මුල සිටම කියවාගෙන ආවා...ඔබේ ලිවීමේ රටාව රහයි...

    එකිනෙකා තමන්ගේ හැඟීම් සහ බුද්ධිය පාලනය කරන්නේ වෙනස් විදි වලට...ඔබේ මවත් හැඟීම් වලට වඩා තැනක් දෙන කෙනෙක්...ඔබ ඒ ජිවිතයේ මුහුණ දුන්න ඒ අත්දැකීම් බොහොම තිත්ත වග මං පිලිගන්නවා...නමුත් මේ ලෝකේ මිනිස්සු හැසිරෙන විදිය ගැන ගැඹුරින් අධ්‍යනය කරලා බැලුවොත් අද වෙද්දී ඔබේ මවට ඔබට සමාව දෙන්න පුළුවන්...හදිසි මානසික කම්පනයක ප්‍රථිපලයක් ලෙස ඇති වුන හැඟීම නිසා ඔබේ මව ඒ විදියට ක්‍රියා කළා වෙන්න පුළුවන්...ඒ වගේ වෙලාවට නිසි මානසික ප්‍රතිකාර නොලැබුනොත් දීර්ග කාලීනව බලපාන්න පුළුවන්...සමහර මිනිස්සු යම් දෙයක් සිද්ද වුනාම චෝදනා කරන්න යොදා ගන්නේ තමන්ට නිතර ඇහැට පෙනෙන දෙයක්...ඔබේ තාත්තාගේ වියෝවෙන් පසු ඒ පීඩනය පිට කරන්න ඔබේ මවට නිතරම ඇහැ ගැටුන දේ කිසිවක් නොතේරෙන ඔබව...ඇයගේ මනස සකස් කරන්නත් කිසිවෙකු නිසි ක්‍රියා මාර්ග නොගන්න ඇති...

    මිට අවුරුදු ගානකට කලින් මා ලංකාවේ ජිවත් වුන පළාතේ අවුරුදු දහසයක තරුණයෙක් මිය යනවා මෝටර් සයිකල් අනතුරකින්...ඒ ඔහුගේ පියා ඊට දින කිහිපයකට පෙර තෑගී කල මෝටර් සයිකලය පදවද්දී...මෙයින් ඇති වුන කම්පනය නිසා ඒ මව දිගින් දිගටම පියාට චෝදනා කළා ඔහුගේ වරදින් එය වුවයි කියා...අවසානයේ ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වූ බව ආරංචි වුනා..මේ එක් උදාහරණයක් පමණයි...

    ඔබ බෞද්ධයෙක් නම් මට කියන්න තියෙන්නේ මෙපමණයි, මේ සියලු දේ අප විසින්ම පෙර භවයන් වල කර්ම වල ප්‍රථිපල...ඔබ කාට හෝ මෙලෙසින් සිදු කල නිසා තමයි ඔබ ඒ දේවල් මේ භවයේ අත් විඳින්නේ...අප රැගෙන එන්නෙත් රැගෙන යන්නෙත් අප කරන කියන සිතන පතන දේවල ප්‍රථිපල පමණයි...ඒ සඳහා මුල් වෙන්නේ අපේ සිත හෙයින් ඒ වෙනුවෙන් කිසිම කෙනෙක්ට චෝදනා කල පලක් නැහැ...අවබෝධයෙන් ඒ හිත් රිදවීම් හිතෙන් මකා දමන්න...

    ReplyDelete

ඔබේ අදහස ලියා යන්න. කරුණාකර අසභ්‍ය වචන හා අපහාසාත්මක දේ ලියන්න එපා.