Tuesday, 27 September 2016

ඇස් දිහා බලන්න!


Image result for medusa statue thessaloniki

මෙඩුසා කියන්නේ අඳුරේ වසන, බිහිසුණු, විරූපී, දුෂ්ට, අද්භූත, මනඃකල්පිත සත්වයෙක්. ඇගේ හිස කෙස් වෙනුවට දකින්න ලැබෙන්නේ භයංකාර සර්පයින්. ඒ වගේම ඇගේ රත් පැහැති දෑස දිහා කෙලින්ම බලන අය ගල් රූප බවට පත් වෙනවා. මිථ්‍යා දේව කතා අදහන අය යක්ෂනියෙක් හැටියට ඉවත ලන කෙනෙක් විදියට ඇය හඳුන්වන්න පුලුවන්.

ඇය ගැන තියෙන කතා බොහොමයි. ග්‍රීක් දේව කතාවල එන අමනුෂ්‍ය දෙමව්පියන්ගෙන් උපන්න සොහොයුරියන් තිදෙනෙක්ගෙන් කෙනෙක් ඇය. එම මිථ්‍යා කතාවලට අනුව, මුලදී ඇය රන් කෙස්කළඹක් සහිත,  ඉතාමත් සුරූපී තරුණියක්.  ඇතීනා දෙවොලේ බඹසර රැකි, පූජකවරියක්. මුහුදට අධිපති දෙවියාගේ පෙළඹවීම නිසා ඇය ඔහු හා ආදරෙන් බැඳෙනවා. ඈ තමන් සමඟ වූ ගිවිසුමක් කඩකිරීම නිසා කෝපයට පත්වන ඇතීනා දෙව්දුව මෙඩුසාට දඬුවම් කරනවා. මෙහිදී ඇගේ ස්වාමියා ආදරය කළ ඇගේ අක්බඹර හිසකේ විෂඝෝර සර්පයන් බවට පත්වෙනවා. ආදරෙන් පිරුණු, මෘදු දෑස් ලේ පැහැ ගැන්වෙනවා. ඒ දෑස් මිනිසුන් තුල ඇති කරන්නේ භීතියක් වගේම පිළිකුලක්. ඇගේ කිරි පැහැ සම කොළ පැහැයට හැරෙනවා.  තමන්ගේ අප්‍රසන්න රූපය දකින ඇය ආපහු නේන පරිදි නිවසින් පැන ගොස් ඉබාගාතේ ඇවිදිනවා. රූපයට ගැලපෙන පරිදි වෙනස් වෙනවා. අන්ත, අසරණ ජීවිතයක් ගත කරලා, අවසානයේ මියයනවා.

තවත් කතාවකට අනුව, ඇය ඉතාමත් රූමත් යුවතියක්. ඇතීනා දෙව්දුවගේ දෙවොලෙදී, තමා ඇයට වඩා රූමත් යැයි පැවසුව බැවින් ඈ ලැබූ දඬුවම මෙයයි. මේ කතා හැම එකකින්ම පෙනෙන්නේ ඇගේ රූමත්කමට ඉරිසියා කල දෙව්දුවක් නිසා මේ දේ ඇයට සිදුවුනු බවකුයි. අද කාලේ එක්ක බලනකොට මෙය සාමාන්‍ය සිද්ධියක්. බලය තියෙන අයගෙන් පීඩාවට පත්වෙන ඕනෑ තරම් කාන්තාවන් අද ඉන්නවා. සමහර තරුණියන් මේ අන්දමින් තමන්ගේ මවගේ පවා ඉරිසියාවට ලක්වෙන්න පුලුවන්. මව් ගුණම ගැයෙන අද කාලයේ මේ වගේ දෙයක් සිද්ධ වෙන බව, ගොඩක් අයට හිතාගන්න අමාරු ඇති. ඒත් ඇත්ත ඒකයි.

සමහර වෙලාවට, තම දෙමව්පියන් නිසා නිවසින් ඉවත්ව ජීවත් වෙන මෙඩුසාලත් අපි අතර ඇති. එහෙමත් නැත්නම්, මෙඩුසාගේ ඇතුලත ඉන්න දෙවියාත්, යක්ෂයාත්, අපි අතරම ඇති. ඒ නිසා මෙඩුසා කියන්නේ මට නම් දෙව්දුවක්.

මමත් එක්තරා විදියක මෙඩුසා කෙනෙක්. මෙඩුසා නමින් ලියන්න හිතුනෙත් ඒ හන්දයි. මෙතැන් සිට, වෙනමම ආරයක දෙව්දුවකගේ කතා ඔබලාට කියවන්න හැකිවෙයි.

පසු සටහන:  

මෙම බ්ලොගය පටන් ගැන්මට අවශ්‍ය මූලික කටයුතු සඳහා උපකාර කළ ආදරණීය ඔබට ගොඩක් ස්තූතියි! අනුබල දුන්නු යාළුවන් හැමෝටමත් ඒ වගේම ස්තූතියි!

46 comments:

  1. සුභ පැතුම් සර්ප දියණිය.. හැක්...

    මහා භයානක ෙවයි ඒෙහනං ඉදිරියට බ්ෙලාගින්.. පරිස්සමින් ඉන්න ඔ්න.. ජය ෙව්වා

    ReplyDelete
    Replies
    1. දේශෝ දැන් කොහොමත් බ්ලොග් පට්ට භායන"කයි" නේද ?? හැක්

      Delete
    2. දේශක ස්තූතියි මුල්ම සුබ පැතුමට.

      Delete
    3. එහෙමත් එකක්ලුද සින්දු? :)

      Delete
  2. මෙඩූසට වඩා අසාධාරණයි Arachneට වුන දේ නේද?

    පර්සියුස් සහ මෙඩූසා S&M වගේ. :-D ප්‍රංශ ස්කල්ප්ටර් කෙනෙක්ගෙ නිසා වෙන්න ඇති.
    Freud ගේ විශ්ලේෂණය කියෙව්වද? :-D

    Welcome. Best wishes !

    ReplyDelete
    Replies
    1. //Freud ගේ විශ්ලේෂණය කියෙව්වද?// තාම නෑ.

      Thanks Pra Jay

      Delete
  3. ජයවේවා !!!
    ලියමු ලියමු ..අපි එන්නම් කියවන්න ......


    "දෙව්දුව පලා ගියාදෝ පුදසුන ගරා වැටේදෝ...
    හද රන් දේවාලේ... හද රන් දේවාලේ...
    මල් පෙති තැලී වැටේදෝ චන්දන සුගන්දේ යාදෝ...
    හද රන් දේවාලේ ... හද රන් දේවාලේ.."

    හැක් හැක් ....

    ReplyDelete
    Replies
    1. තාම නම් පලායන්න හිතුනේ නෑ. :) ඉස්සරහට කොහොමවෙයිද දන්නේ නෑ සින්දු. ස්තූතියි ඔයාටත්.

      Delete
  4. ඔබට මෙඩුසා කියනවට මම කැමති නෑ. නමුත් මොකක්දෝ හේතුවක් නිසා ඒ නම ඔබ යොදාගෙන. සන්තෝෂයි. ඔබ බ්ලොග් ලෝකයේ මීළඟ කැළඹීම ඇතිකරනවාට සැකයක් නෑ. ඒ බැව් පෙරමග සලකුණු මේ ලිපියේ තියෙනවා. ඔයාට හිතෙන දේ ලියන්න. මං එනවා කියවන්න අනිවාර්්‍යෙයන්ම.

    ReplyDelete
    Replies
    1. මට දැනෙන්නේ මම මෙඩුසා කෙනෙක් වගේ. ඒ හන්දා ඒ නමට මම කැමතියි. හැමදාම එන්නම ඕනි. ස්තූතියි සුරංග.

      Delete
  5. දැන් ඔහොම ඇස් දිහා බලල අපි ගල් වෙලා ගියොත් කොහොමද ඉස්සරහට මේ බ්ලොග් කියවන්නේ හැබෑටම

    එල. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. කෝ බලමු . මම කීවේ ඇස් දිහා . මුකුත් වුනේ නෑනේ. :) ස්තූතියි දිනේෂ්

      Delete
  6. බ්ලොග් ලෝකයේ ඉතාම දිග කාලයක් රැදී ඉන්නට ශක්තිය ලැබේවා! ඔවැනි පදනමකින් ඇරඹීම හොදයි.ලියන්න ගොඩක් දේ ඇති. ඒවා කියවන්නත් ගොඩක් අය සිටීවි.

    එකම අවුල, පළවෙනි කමෙන් එක දාපු එකා තමා. හැක්...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රකීටත් ස්තූතියි ගොඩක්ම. බලමු පුලුවන් තරම් කල් රැඳිලා ඉන්න.

      Delete
  7. වෙල්කම් ටු සිංහල බ්ලොග්ස්පියර් කියුවා එහෙනම්.. රායිට්.. ඇස් දෙක දිහා බලන්නේ නැතුව කියවන්න හිතාගත්තා.. මීලඟ නෙලුම්යායෙදි හමුවෙමු. ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ස්තූතියි. ඔක්කොමගෙන්ම මට ලැබුනේ හරිම සහයෝගයක්. ගොඩක් සතුටුයි ඒ ගැන.

      Delete
  8. ඕං අපෙනුත් සුබ පැතුම්.
    මෙඩුස ගැනනං මම දැනගත්තෙ අර පර්සි ජැක්සන් ෆිලුම් එකෙන්.
    එහෙනං දිගටම ලියමු.

    එකම අවුල, පළවෙනි කමෙන් එක දාපු එකා තමා. හැක්...x2

    ReplyDelete
    Replies
    1. එකම අවුල, පළවෙනි කමෙන් එක දාපු එකා තමා. හැක්...X 3

      Delete
    2. ස්තුතියි ප්‍රසන්න. ඒ ලියලා තියෙන්නේ ප්‍රසන්න කියලානේ? :)

      Delete
    3. එයා හන්දා කමෙන්ට්ස් ගොඩක් වැටිලා නේ?

      Delete
  9. අලුත් බ්ලොගට සුබ පැතුම්.... මටත් ආසයි බ්ලොග් එකක් ලියන්න.....

    එකම අවුල, පලවෙනි කමෙන්ට් එක දාපු එකා තමා.
    හැක්.....×4

    ReplyDelete
    Replies
    1. අමාරු නැ ඔයත් එකක් ලියන්න

      Delete
    2. අමාරු නැ ඔයත් එකක් ලියන්න

      Delete
    3. ඉතින් ලියමුකෝ MR. මට හිතුනේ එයා තමා මුල් කමෙන්ට් එකට හොඳම කෙනා කියලා

      Delete
    4. ඒකම තමා මාත් කීවේ. ස්තූතියි අටම්පහුර ආවට.

      Delete
  10. ආත්මාර්ථකාමී දෙමාපියන් නිසා දුක් විඳින දරුවන් ගැන නොලියවෙන සමාජයක උඩුගං බලා පිහිනීමට යත්න දරන ඔබට සුබ පැතුම්..... සරල ලෙස බස හැසිරවීමට ඔබ දක්‍ෂයි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිසර. දිගටම ඇවිත් අදහස් දක්වයි කියලා හිතනවා.

      Delete
  11. හරි හරි. ඔන්න අපිත් ඊලඟ පෝස්ට් එකේ ඉඳලම කියවනව කියල රෝලෙ එල්ලගත්ත හිටං.
    සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හිටගෙනද එල්ලුවේ? මට මැවිලා පේනවා කසුන් බිත්තියක් ලඟ හිටගෙන මගේ බ්ලොග් එක රෝලක එල්ලනවා.:)

      ස්තූතියි කසුන්. අහසෙන්ම එන්න.:)

      Delete
  12. පළවෙනි බ්ලොග් ලිපියට උණුසුම් සුබ පැතුම් මෙඩුසා. :) හොඳ නැහැ කියල කිව්වට මේ ලිවිල්ල අතිවිශිෂ්ටයි.

    මට මතක විදිහට මම මෙඩුසා චරිතය ගැන මුලින්ම කියෙව්වෙ පහ හෝ හය වසරෙ ඉඳිද්දි ඒ කාලෙ තිබුණ මුතුහර සඟරාවකින්. ඒකෙ විදිහට හර්කියුලිස් අතින් මෙඩුසා මිය යනවා. පස්සේ මැරුණු මෙඩුසාගේ හිස කොටස අරන් එන හර්කියුලිස් තමන්ට අභියෝග භාර දුන්න රජතුමාට ඒ හිස පෙන්නලා ඔහුව ගල් කරලා රාජ්‍ය බලය ලබා ගන්නවා. ඇත්ත නැත්ත කොහොම වුණත් පුරාවෘත කියන්නේ ආසාවෙන් අහන්න/ කියවන්න පුළුවන් කතා.

    දිගටම ලියාගෙන යමු. මේ ශෛලිය කියවීමේ උනන්දුව වැඩි කරනවා.

    //මෙම බ්ලොගය පටන් ගැන්මට අවශ්‍ය මූලික කටයුතු සඳහා උපකාර කළ ආදරණීය ඔබට ගොඩක් ස්තූතියි! අනුබල දුන්නු යාළුවන් හැමෝටමත් ඒ වගේම ස්තූතියි!// මේ වාක්‍ය දෙකෙන් දෙගොල්ලක්ද ගැනද කියන්නෙ? නැත්තන් උපකාර කළ අය = අනුබල දුන්න අය ද? මට එන ප්‍රශ්න. :3

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යුගන්ත. මෙඩුසාට ලියන එක නවත්තන හිතුනාම අපි හර්කියුලීස්ට එන්න කියමු.

      ඔන්න මටත් ප්‍රශ්නයක් ආවා. අපි මෙහෙම කියමු. උපකාර කල අය ආදරනීයයි. අනුබල දුන්නු අය විශේෂයි. විශේෂ අය ආදරනීයයි. ආදරනීය අය විශේෂයි. තේරුනානේ. :D

      Delete
  13. ඔන්න අපෙනුත් සුබ පැතුම්...

    වෙනමම ආරයක දෙව්දුවකගේ කතා කියවන්න බොහොම ආසාවෙන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානිටත්. එයා දෙව්දුවක්මද කියලත් බලා ගත්තු හැකිවෙයි.:)

      Delete
  14. එල එල නියමයි... මමත් හරි කැමතියි ග්‍රීක මිත්‍යා කතා වලට... කලකට කලින් පොතකුත් පරිවර්තනය කරා ග්‍රීක මිත්‍යා කතා ගැන... දිගටම ලියන්න සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිථිල.

      Delete
  15. දේවදූතියනුත් හරිම ඊර්ෂ්‍යාකාරියො නේද ? ඒත් සාමාන්‍යයෙන් කියන්නේ ( හොඳයි කියන අර්ථය දෙන්න ) "හරියට දේවදූතියක් වගේ" කියල .....

    ReplyDelete
    Replies
    1. එක එක වගේ දේවදුතියෝ ඉන්නවා රෙහානා.

      Delete
  16. මෙඩූසා,, ඔයාට ඉඩ තියන වෙලාවක මෙන්න මේ ලින්ක් එකේ ලිපි පෙළ හිමින් කියවන්න.. මම මේ දෙන්නේ ලිපි පෙළේ අවසාන ලින්ක් එක. එහි මුල සිට හැම ලිපියක්ම ලින්ක් කරලයි තියෙන්නේ..

    http://nimnyakatanivi.blogspot.com.au/2016/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. බලන්නම්. ගොඩක් ස්තූතියි නිම්නට.

      Delete
  17. අදයි මේ පැත්තේ ආවේ... මාත් මේ කතා දෙකම අහලා තියනවා...

    මිනිස්සු පුදුමාකාරයි මෙදුසා,,,

    ReplyDelete

ඔබේ අදහස ලියා යන්න. කරුණාකර අසභ්‍ය වචන හා අපහාසාත්මක දේ ලියන්න එපා.